G-STAR  අවස්ථාව

ග්ලෝබල් ලයිෆ්ස්ටයිල් ලංකා වන අප, අප රටේ ආර්ථිකයට ශක්තියක් රැගෙන එන්නා වූ දේශීය සමාගමකි, අපගේ ව්‍යාපාරය ඊ-වාණිජ පදනම මත ක්‍රියාත්මක වන අතර එමගින් විශාල කොමිස් මුදල් ඔබට ගෙවනු ලබයි. මෙයින් අදහස් වන්නේ පහත සඳහන් ප්‍රතිලාභ හේතුවෙන් අපගේ ව්‍යාපාරික සහකරුවන් හට ඔවුන්ගේ ව්‍යාපාරය රටේ එක් ස්ථානයක පමණක් නොව ඕනෑම ස්ථානයක ගොඩනැගිය හැකි බවයි.  

 

  1. ඊ-ගබඩාව - අන්තර්ජාලය හරහා පැය 24 පුරා නිෂ්පාදන මිලදි ගත හැක
  2. නිෂ්පාදන දින 21 ක් ඇතුළත භාරදීමේ සේවාවක් (Courier) මගින් දොරකඩටම ලබා දෙයි.
  3. ව්‍යාපාරික සහකරුවන් හට භාණ්ඩ රැස්කර තබා ගැනීමට අවශ්‍ය නැත.
  4. විකුණුම් කට්ටලය සියලු දෙනාටම ලබා දෙනු ඇත. හැඩගැසීම් සහ නිෂ්පාදන පුහුණුව සැපයේ.
  5. කණ්ඩායම් නායකයෙකු හෝ ජ්‍යෙෂ්ඨ ව්‍යාපාර සහකරුවෙකු විසින් නව ව්‍යාපාර සහකරු හට මාර්ගෝපදේශ සපයයි.
  6. ව්‍යාපාර සහකරුවන් හට පුහුණු කාමර සහ ව්‍යාපාරික මධ්‍යස්ථාන ශාලා පුහුණු කටයුතු සඳහා ප්‍රයෝජනයට ගත හැක.
  7. තම අලෙවි කාර්යසාධන දැකීමට එක් එක් ව්‍යාපාරික සහකරුවාට වෙබ් පිටුවක් ලැබේ.
  8. ව්‍යාපාරික සහකරුවන් හට වැඩ කිරීමට තමන්ට පහසු වේලාවන් තෝරා ගත හැක.
  9. ව්‍යාපාරය පවත්වා ගෙන යාමට ස්ථානයක් අවශ්‍ය වන්නේ නැත.
  10. සේවකයන් අවශ්‍ය වන්නේ නැත.
  11. ලේඛන කටයුතු කිරීමට අවශ්‍ය වන්නේ නැත.
  12. සම්ප්‍රදායික ව්‍යාපාරික කටයුතුවලදි අවශ්‍ය වන ආකාරයෙන් විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වන්නේ නැත.
  13. සතිපතා නිකුත් කරනු ලබන කොමිස් මුදල් ප්‍රකාශනය තැපැල් කිරීම තුලින් ලැබීමට සලස්වනු ඇත.
  14. නිෂ්පාදන, කොමිස් මුදල් සහ පාරිභෝගික විමසීම්, පුහුණු කාමර වෙන් කරවා ගැනීම යනාදී දෛනික අවශ්‍යතා සම්බන්ධයෙන් ක්‍රියා කරවා ගැනීමට ව්‍යාපාරික සහකරුවන් හට CSG (Customer support group) වෙත ප්‍රවේශ විය හැක.
  • වෙළඳපොළ සඳහා විවිධ වර්ගයේ නිෂ්පාදන නිපදවීම සඳහා අපි දේශීය සැපයුම්කරුවන්ව සම්බන්ධ කර ගන්නෙමු. මෙමගින් අප රටේ ආර්ථිකයට වැඩිදුරටත් ප්‍රතිලාභ ලැබෙන අතර නිෂ්පාදන කර්මාන්තයේ යෙදෙන්නන් හටද රැකියා මං පෙත් පාදයි. 
  • අපගේ ජනයාගේ ජීවනරටාවට අදාල අවශ්‍යතා සපුරාලීම ඉලක්ක කරන ලද විශිෂ්ඨ, නව සහ උසස් තත්වයෙන් යුතු නිෂ්පාදන නිර්මාණය කිරීම අරමුණු කර ගනිමින් අප පර්යේෂණ සහ සංවර්ධනය සඳහා මුදල් වැය කරන්නෙමු. අපගේ නිෂ්පාදන, සුඛෝපභෝගී, ගෘහස්ථ සහ නිවාඩු පැකේජ යනාදිය ද ඇතුලත් වන පරිදි විවිධ ව්‍යාපාරික අංශවලට බෙදී ඇත. 
  • අනෙක් ඕනෑම ව්‍යාපාරයක මෙන්ම, අප අපගේ නිෂ්පාදන මත අවසානයේ යොදන මිල සටහන වෙළඳපොල තීරණය කරයි. අපගේ නිෂ්පාදනවල ඇති තත්ත්වය සහ වටිනාකම හේතුවෙන් ඒවාට සාධාරණ මිලක් අප අය කරන්නෙමු. එමෙන්ම එම මිල ගණන් ගෙවීමට අපගේ පාරිභෝගිකයන් කැමැත්තක් දක්වයි. අපගේ ව්‍යාපාරය සම්පුර්ණයෙන්ම රඳා පවතින්නේ නිෂ්පාදන අලෙවිය මතයි. ‍‍ 
  • ආචාරශිලි ව්‍යාපාර කරණය අප විසින් යොදා ගනු ලබන අතර අපගේ භූමියේ ඇති සියලුම රිති රෙගුලාසි සහ නීති අපි අනුගමනය කරන්නෙමු. අපගේ ඒකාබද්ධ දර්ශනයේ කොටසක් වශයෙන් නිර්මාංශ වීමේ පුරුද්ද ද අපි නිරීක්ෂණය කර ප්‍රවර්ධනය කරන අතර එයට සහාය දක්වන්නෙමු. නිර්මාංශ ජිවනරටාවකට ආවේණික වූ පාරිසරික වාසි සමාගම විසින් සම්පූර්ණයෙන්ම අනුමත කරමින් සමාගමේ සියලුම සිදුවීම් සහ උත්සව අවස්ථාවලදී නිර්මාංශ ආහාර පිළිගන්වයි. 
  • සියලුම වෘත්තිකයන් හා සියලු අංශවල පුද්ගලයන් අප ව්‍යාපාරයට සම්බන්ධව ඇත. ඔවුන් ව්‍යාපාරික සහකරුවන් වීමට තීරණය කිරීමට ප්‍රධානම හේතුවක් වන්නේ වැඩ කරන කාල සීමාවේ ඇති නම්‍යශීලි බවයි. ව්‍යාපාරික කටයුතු කිරීම සඳහා ඔවුන්ට ඔවුන්ගේ රැකියාවන් අත්හැර යාමට අවැසි නොවි, කර්මාන්තකරුවන්, ශිෂ්‍යයන්, තනි දෙමාපියන් සහ කුඩා ළමයින්ගේ දෙමාපියන් සහ අර්ධකාලීන සේවකයන් ප්‍රධාන ලෙස රැකියා සඳහා ඉල්ලීම කරන්නේ එබැවිනි.
  • තම නිවසේ අඩුපාඩු සපුරා ගැනීමට හෝ තම පවුල වෙත ආදායමක් ළඟා කර ගැනීමට සහ වඩා හොද ජීවන තත්ත්වයක් ලබා ගැනීම සඳහා මුදල් ඉපැයීමේ අවස්ථාවක් අපි ඔවුන්ට ලබා දෙන්නෙමු. පුද්ගලයන් සෑහෙන ප්‍රමාණයක් ව්‍යාපාරික කටයුතු පූර්ණ කාලීනව සිදු කිරීමට තීරණය කළ හැකි වුවත්, රටේ අළෙවි බලකායෙන් වැඩි පිරිසක් සමන්විත වන්නේ අර්ධ - කාලීනයන්ගෙනි. 
  • එහෙයින්, රජයේ ආධාර සහ ප්‍රතිලාභ ලැබෙන තුරු බලා නොසිට ආදායම් ඉපැයීමට නීත්‍යානුකුල මගක් අප සකස් කර දෙන්නෙමු. විරැකියාව සහ ඊට අදාල ගැටලු වැනි සමාජීය පිඩනය අවම කරමින් රටේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීමට ද එය උපකාරී වේ. අපගේ රට සංවර්ධනය කිරීමට රජයට හොඳ කැපවිමක් සහ සහයෝගයක් එමගින් ලබා දෙන අතර වඩා හොඳ අන්‍යොන්‍ය සම්බන්ධතාවයෙන් සහ එකමුතුවෙන් සියළුම ප්‍රජාවල පුද්ගලයන් එක්ව ක්‍රියා කිරීමට හැකියාව එමගින් ජනිත කරවයි. එමෙන්ම තමන්ගේම ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික දැනුම පුද්ගලයන්ට ලබා දෙයි.